0 Items - £0.00
0
  • No products in the cart.
DEAR WORLD, SRI LANKA IS OPEN FOR BUSINESS

DEAR WORLD, SRI LANKA IS OPEN FOR BUSINESS

අපි අපනයන ආර්ථිකයකට යන්න ඕනේ ඩොලර් හම්බ කරන්න විතර ද?
අපි ගොඩක් වෙලාවට හිතනවා ඩොලර් හම්බ කරන්න තමයි අපි භාණ්ඩ අපනයනය කරන්න ඕනේ කියලා. ඇත්තෙන්ම ඩොලර් හොයනවා කියන එක අපනයන වෙළඳාමේ එක පොඩි කොටසක් විතරයි.
අපනයන වෙළඳාමේ ඊට එහා ගිය ප්රතිලාභ රාශියක් තිබෙනවා. ඒවා මේ වගේ.
අපිට ඉන්නේ මිලියන 22ක් මිනිස්සු. සාපේක්ෂව දුප්පත් ආර්ථිකයක්. අපේ මිනිස්සුන්ගේ මිළදී ගැනීමේ හැකියාව අඩුයි. ඒ නිසා අපි දේශීය වෙළඳපොළ ඉලක්ක කරලා ව්යාපාර කරන කොට ඒකට ඉහළ යන්න පුළුවන් වේගය සහ පරාසය සීමා සහිතයි. නමුත් අපි ගෝලිය වෙළඳපොළ ඉලක්ක කරලා අපනයන කර්මාන්ත වලට ගියාම අපේ වෙළඳපොළ ලෝකෙටම විවෘතයි. අපි දැන් භාණ්ඩ හදන්නේ බිලියන 7.5 ක වෙළඳපොළකට. එතකොට ව්යාපාර වලට දියුණු වෙන්න පුළුවන් පරාසය වගේම වේගය ඉතා ඉහළයි. හරියට යොහානිගේ සිංදුව වගේ.
ඒ වගේම අනික් කාරණය තමයි Economies of Scale කියන්නේ. ඒ කියන්නේ අපි මිලියන 22ක වෙළඳපොළට භාණ්ඩ නිශ්පාදනය කරන කොට වඩා බිලියන 7.5 ක වෙළඳපොළට භාණ්ඩ හදද්දී ලොකු ප්රමාණයක් හදන්න ඕනේ. අපි දන්නවා භාණ්ඩ පොඩි ප්රමාණයක් හදනවට වඩා ලොකු ප්රමාණයක් හදන කොට එකක් හදන්න යන වියදම අඩු වෙනවා. එතකොට ඒක අඩුවට තරඟකාරීව විකුණන්න පුළුවන්. ඒ නිසා අපි economies of scale පාවිච්චි කලොත් තමයි ගෝලීය වෙළඳපොළ තුල තරඟකාරීත්වය රඳවා ගන්න පුළුවන්. එහෙනම් අපි ගෝලීය වෙළඳපොළ ඉලක්ක කරගෙන අපනයන නිශ්පාදන ආර්ථිකයක් හදන්න ඕනේ.
දැන් බලන්න Brandix, MAS වගේ සමාගම්. ඒවායේ සේවකයෝ 50,000ක් වගේ ඉන්නවා. ලොකු සමාගම්. ඒවා එච්චර ලොකු උනේ ගෝලීය වෙළඳපොළට භාණ්ඩ නිශ්පාදනය කරපු නිසා. ඕඩර් ලොකුයි. කර්මාන්ත ශාලා ලොකුයි. රැකියා සපයන්න තියෙන හැකියාව වැඩියි. ඒ නිසා අපි අපනයන නිශ්පාදන ආර්ථිකයකට ගියොත් තමයි රැකියා ගොඩාක් නිර්මාණය කරන්න හැකියාව ලැබෙන්නෙ.
අනික් කාරණය ආයෝජන. විදේශීය ආයෝජන අපේ රටට ගෙන්න ගන්න ඕනේ නම් අපි අපනයන වෙළඳපොළ ඉලක්ක කරගෙන කර්මාන්ත ඇති කරන්න ඕනේ. දේශීය වෙළඳපොළට පමණක් විශාල ආයෝජන වාර්ෂිකව ගලා ගෙන එන්නේ නෑ. FDI ගෙන්න ගන්න එක තමයි රටක තියෙන හොඳම ඩොලර් උල්පත. FDI දිගටම එන්නේ අපි ගෝලීය වෙළඳපොළට භාණ්ඩ නිශ්පාදනය කරනවා නම්.
මේ විදියට ගෝලීය වෙළඳපොළට භාණ්ඩ නිශ්පාදනය කලොත් තමයි අපිට වේගයෙන් සංවර්ධනය වෙන්න පුළුවන්. හොඳ ආර්ථික සංවර්ධන වේගයක් රඳවා ගන්න පුළුවන්. එහෙම රටේ ආයෝජන, නිශ්පාදන ඉහළ යනකොට තමයි අපේ GDP එක වැඩි වෙන්නේ. ඒ කියන්නේ එතකොට තමයි ඒක පුද්ගල ආදායම ඉහළ යන්නේ.
ඒ නිසා රටේ දේශීය වෙළඳපොළ ගෝලීය වෙළඳ පොළ සමග මුහු කිරීම අත්යාවශ්යයි. විවෘත ආර්ථික ගේට්ටුව හරහා තමයි ඒක කෙරෙන්නේ. ඒ Global Market Integration එක රටේ ආර්ථිකයේ ප්රභල අවශ්යතාවයක්. ඒ නිසා export driven economy එකක් අපිට ඕනේ. අපිට 2017 දී යුරෝපා GSP plus ලැබෙන කොට තව රටවල් 7 කට ඒක ලැබිලා තිබුනා. ඒ වාසියෙන් වියට්නාමය සිය අපනයන යුරෝපයට යවන එක 400% කින් වැසි කරගෙන, බංගලදේශය 150% කින් වැඩි කරගෙන. අපි? අපි යන්තම් 60% කින් වැඩි කරගෙන. පසුගිය වසර 10 ක කාලයට අපි අපනයන වෙළඳපොළට හඳුන්වා දීලා තියෙන අලුත් භාණ්ඩ ප්රමාණය 7 ක් පමණයි.
වසර 2005 ත් 2010ත් අතර කාලය තුල අපනයන වෙළඳපොළ ඉලක්ක කර ගත් සමාගම 230ක් රට හැර ගිහින්. අපි රටේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ වෙළඳපොළට හොඳ ආකාරයට නොවෙයි. ඒකයි මෙච්චර අමාරුවක වැටිලා ඉන්නේ අද.
අපි ලෝකයට පණිවිඩයක් නිකුත් කළ යුතුව තිබෙනවා. ඒක තමයි ” Sri Lanka is open for business ” . අද ලෝකයේ සම්පත් බෙදා ගන්නේ වෙළඳපොළ ආර්ථිකය තුල තරඟකාරීත්වය මත. අපි ඒ තරඟයෙන් හැංඟිලා අපට සම්පත් දිනා ගන්න බෑ.
ඒ නිසා අපේ ආර්ථිකය මුළු මනින් වෙනස් කරලා හදලා ගන්න වෙනවා.
ඊට පස්සේ අපි කියමු ඒ පණිවිඩය.
” DEAR WORLD, SRI LANKA IS OPEN FOR BUSINESS “
පැතුම් කර්නර්

Write a Message

Your email address will not be published.

Related Posts

Enter your keyword