ලෝකය වෙනස් කළ ගොඩක් නිර්මාණ පටන් ගත්තේ විද්‍යාගාර ඇතුලෙම නෙවෙයි.

ලෝකය වෙනස් කළ ගොඩක් නිර්මාණ පටන් ගත්තේ විද්යාගාර ඇතුලෙම නෙවෙයි. ගැරෙජ් වල, ගෙවල් වල කාමර වල නව නිර්මාණ බිහිවුනා.
මේත් ඒවගේ වැඩක්…
මහරගම වාහන වල AC හදන තැනක මේක වෙන්නේ.
කොරෝනා රෝගියෙකු ප්රවහනය කරන කොට වෛරසය වටේට පැතිරෙන්න පුලුවන් !
කොරෝනා රෝගියෙකු ප්රවහනය කිරීමේදී හා රෝහල තුල එහා මෙහා ගෙනයාමේදී වැසුණු කුටියක් තුල දමා ගෙන යා හැකි නම්, එම රෝගියාගෙන් සෞඛ්යය කාර්යය මණ්ඩලයට වෛරසය බෝ වීම සීමා කරන්න පුලුවන්.
ඉතිං ඒකට වෙනමම කුටීරයක් අවශ්ය වෙනවා. හුස්ම වැටෙන , කාබන් ඩයොක් සයිඩ්, ජලවාශ්ප අයින් වෙන, ලෙඩාගෙන් පිටවෙන වෛරසය එළියට පිට කරන්න කලින් මරන්න පුලුවන් වෙන, ලෙඩෙකුට පැය 8 ක් විතර ඇතුලට වෙලා ඉන්න පුලුවන් වෙන.
මේකට මුල් වුනේ මහරගම චමින්ද කරුණාතිලක මහතා. එයා එක්ක එයාගේ කාර්යය මණ්ඩලය සහ යහළුවෝ කීපදෙනෙක්.
කුටීරය මැහුවේ අංගොඩ පදිංචි පැතුම් ජයනාත් මල්ලි.
වායු පාලනය කරන උපකරණය සහ මෙහි ඉංජිනේරු සැළසුම් චමින්ද මහත්තයා ගේ.
වැඩේ මූලික වෙලා වෛද්ය විද්යාත්මකව මෙහෙය වන්නේ වෛද්ය විශාඛා කර්නර් , ඇය නොබෝ දිනකින් නිර්වින්දන විෂේඥ වෛද්ය වරියක්…
මට තියෙන්නේ logistics වැඩ. ප්රවහනය , සල්ලි හොයන එක වගේ දේවල්… ඊට අමතරව guinea pig හෙවත් පරීක්ෂණාගාරයේ මීයා… ඔන්න ඔහොමයි ටීම් එක.
මේවා වෙනත් රටවල පාවිච්චි කරනවා. අවශ්ය අය Isolation Pod කියලා google කරලා බලන්න.
අපි හෙටත් මේකේ වැඩ කටයුතු දිගටම කරනවා. වැඩේ සාර්ථක උනොත් අනතුරුව නිශ්පාදන ක්රියාවලියක් අරඹනවා රෝහල් සඳහා නොමිලයේ ලබා දීමට. දැනට මෙවන් එක උපකරණයක් සඳහා රුපියල් 50,000/= ක් වැය වෙනු ඇතයි ගණනය කර තිබෙනවා. මෙය චීනයෙන් මිලදී ගැනීමට නම් රුපියල් ලක්ෂ 5 ක් පමණ වැය වෙනවා.
උත්සාහය සාර්ථක වේවි. අපි වැඩ දිගටම…
වෛද්ය පැතුම් කර්නර්

Related Articles

පාවෙන රුපියල

තද සුලං හමාවි, කුණාටු, සුනාමි ඒවි, ගං වතුර ඒවි,බෝම්බ ගසාවි, බූමි කම්පා ඇවිත් පොළොව සෙලවේවී, නියඟ ඒවි, ඇවිත් පොළොවේ ඉරි තලා යාවි, යුද්ධ කරාවී, ආණ්ඩු…

Skip to toolbar