about

Know more about

National Green Front

ලෝකයේ හරිත දේශපාලන ධාරාවන් බිහිවී ඇත්තේ සංවර්ධනයේ අනිසි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන පාරිසරික හානිය වලක්වා ගැනීම සඳහා පවතින දේශපාලනයට බලපෑම් කිරීම උදෙසාවේ. කෙසේ වෙතත් එලෙස ඇතිවන කණ්ඩායම් වර්ගීකරණය වී තිබෙන්නේ වාමාංශික දේශපාලන කණ්ඩායම් ලෙසයි. ඊට හේතුවන්නේ ඉතා වේගයෙන් සංවර්ධනය වෙන රටවල් එහි සංවර්ධනය ළඟා කරගනු ලබන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරමින් වීම නිසා ඊට එරෙහිව ගොඩනැගෙන දේශපාලන කණ්ඩායම් නිරායාසයෙන්ම වාමාංශික වීම මතය.

එලෙස ගොඩනැගුණු හරිත දේශපාලන ව්‍යාපාර සියල්ලම පාහේ සිදුකරනු ලබන්නේ සංවර්ධනයේ නොවැළැක්විය හැකි අතුරු ඵලයක්වන පාරිසරික හානිය සිදුවූ පසු එයට ප්‍රතිචාර දැක්වීම සඳහා දේශපාලන ව්‍යාපාර ගොඩනගාගැනීමයි. එවැනි හරිත දේශපාලන ව්‍යාපාර reactive movements ලෙස හැඳින්විය හැක.

ලෝකයේ හරිත දේශපාලන ධාරාවන් බිහිවී ඇත්තේ සංවර්ධනයේ අනිසි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන පාරිසරික හානිය වලක්වා ගැනීම සඳහා පවතින දේශපාලනයට බලපෑම් කිරීම උදෙසාවේ. කෙසේ වෙතත් එලෙස ඇතිවන කණ්ඩායම් වර්ගීකරණය වී තිබෙන්නේ වාමාංශික දේශපාලන කණ්ඩායම් ලෙසයි. ඊට හේතුවන්නේ ඉතා වේගයෙන් සංවර්ධනය වෙන රටවල් එහි සංවර්ධනය ළඟා කරගනු ලබන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරමින් වීම නිසා ඊට එරෙහිව ගොඩනැගෙන දේශපාලන කණ්ඩායම් නිරායාසයෙන්ම වාමාංශික වීම මතය.

එලෙස ගොඩනැගුණු හරිත දේශපාලන ව්‍යාපාර සියල්ලම පාහේ සිදුකරනු ලබන්නේ සංවර්ධනයේ නොවැළැක්විය හැකි අතුරු ඵලයක්වන පාරිසරික හානිය සිදුවූ පසු එයට ප්‍රතිචාර දැක්වීම සඳහා දේශපාලන ව්‍යාපාර ගොඩනගාගැනීමයි. එවැනි හරිත දේශපාලන ව්‍යාපාර reactive movements ලෙස හැඳින්විය හැක.

vision & mission

Know more about our Vision

දැක්ම​

ආකල්පමය වශයෙන් දියුණු මානව සම්පතක් ගොඩනගමින් පුරවැසියන්හට ගුණාත්මක ජීවන තත්ත්වයක් ඇති කිරීම උදෙසා පාරිසරික විඥානයෙන් පෝෂණය වූ තිරසාර සංවර්ධිත රටක් බිහිකිරීම.

Know more about our Mission

මෙහෙවර ​

දියුණු අධ්‍යාපන ක්‍රමයක් තුළින් ආකල්පමය වශයෙන් සමාජය යහපත් කිරීමත්,

සෞඛ්‍ය සම්පන්න, ආර්ථික වශයෙන් ශක්තිමත්, නිදහසේ ජීවත් විය හැකි සතුටින් සිටින ජීවන තත්ත්වයක් අත්කර දීමත් උදෙසා,

පාරිසරිකව සංවේදී සහ මානව පැවැත්මට පරිසරය ආරක්ෂා කරගනිමින් රටෙහි තිරසාර සංවර්ධනයක් ඇති කිරීම.

දැක්මක පදනම

ගෝලීයකරණය

නූතන මිනිසාගේ සම්භවයේ සිට මෙතෙක් ආ වසර දෙලක්ෂයක් පුරා මිනිස් ශිෂ්ටාචාරය ගමන් කළ එක් පොදු දිශානතියක් වෙයි. එනම්, එම සමාජය ක්‍රමයෙන් විශාල වන පරිපාලන ඒකක වලට සංවිධානය වීමයි. විටෙක් රෑනක් ද අනතුරුව ගෝත්‍ර වශයෙන්ද පසුව රාජ්‍යයන් වශයෙන්ද සංවිධානය වූ ඔවූහූ වර්තමානය වනවිට රාජ්‍යයන් ගේ බද්ද වීමෙන් ගෝලීය ආර්ථික කලාප ලෙසටත් ගෝලීය රාජ්‍යයක් බවටත් පරිවර්තනය වෙමින් පවතී.

මේ පරිවර්තනය ඇරඹී මේ වන විට ශතවර්ෂ කීපයක් ගතවී තිබෙන අතර, තව ශතවර්ෂ කීපයක් මුළුල්ලේ එය සිදු වනු ඇත. එය අප හට අපගේ එක් ජීවිත කාලයක් තුල ගෝචර නොවිය හැකිය. එහෙත්, ලෝකය ගමන් කරන ස්වභාවය එයයි. ලෝකයේ නූතන පරිපාලන ඒකකය වන රාජ්‍යයන්; වෙළෙඳපොළෙන්, ප්‍රාග්ධනයෙන්, සංක්‍රමණය වීම්, සන්නිවේදනයෙන්, තාක්ෂණයෙන්, ප්‍රවහනය මගීන් මෙන්ම අර්බුද මගීන් එකට බැඳී සිටීමත්, පෘථිවිය මත මිනිස් ගහණය බිලියන 8 ක් වී තිබීමත් මේ තත්ත්වය වේගවත් කර තිබේ. එම නිසා මේ ලෝක මිනිස් ගහණය පොදු එකඟතා මගීන් සම්බන්ධ වීම නූතන ගෝලීයකරණයේ පදනමයි. එනයින් ශ්‍රී ලාංකීය අප ද වේගයෙන් මෙම ලෝක රිද්මය හා සම්බන්ධ වීම අත්‍යාවශ්‍යය. ගෝලීයකරණය නොවැළැක්විය හැකි යථාර්ථයකි. අපට එය දිනිය හැකි එකම මාර්ගය එය පිළිගෙන, හැකි ඉක්මනින් සහ හොඳින් එයට අනුගත වීම බව අප විශ්වාස කරන්නෙමු.

පුද්ගලීකරණය

නූතන ලෝකය තුල රාජ්‍ය යනු සීමිත සංකල්පයකි. ලෝකය මෙතෙක් ආ ගමනේ රාජ්‍යයන් ලෙස සංවිධානය වීම තුල ලෝකය ඉදිරියට යෑමට අවශ්‍ය පදනම සකස් වූවත්, දැන් එහි වගකීම සීමා වී තිබේ. එයට හේතුව නම් පුද්ගලික අංශය මගීන් වේගයෙන් එම කාර්යභාරය ඉටු කිරීමට ඉදිරිපත් වීම ය.


රජයේ වගකීම නම් අවශ්‍ය නියාමනය සැපයීමත්, ජාතික ඉලක්ක සපුරා ගැනීමට ආර්ථිකය කළමනාකරණය කර මෙහෙයවා ගැනීමත් බවට පත් වී තිබේ. මේ වන විටත් ඕනෑම රටක ලොකුම නිශ්පාදකයා වන්නේ පුද්ගලික අංශය වන අතර, එම අංශය තුල දේශසීමා වලින් සීමා නොවූ වෙළෙඳපොළක් ක්‍රියාත්මක වෙයි. එනම්, රටක ආර්ථික වර්ධනයේ ගාමකයා හෙවත් එන්ජිම බවට පත් වන්නේ පුද්ගලික අංශය වන අතර, විශාලම රැකියා සපයන්නා ද ධනය ජනිත කරන්නා ද පුද්ගලික අංශය බවට පත් වී තිබේ.

එම නිසා යථාර්ථය නම්, අප ද වේගයෙන් පැරණි රාජ්‍ය මූලික ආර්ථික මොඩලයේ සිට පුරවැසියා මූලික, පුද්ගලික අංශය ප්‍රධාන ආර්ථික මොඩලයක් වෙතට පරිවර්තනය විය යුතු බවයි. මේ සඳහා අපගේ රාජ්‍ය අංශය විසින් තවමත් අත්පත් කර ගෙන තිබෙන කර්මාන්ත වඩාත් කාර්යක්ෂම පුද්ගලික අංශය වෙත මුදා හැරීමේ වැඩපිළිවෙලක් අවශ්‍ය බව අප විශ්වාස කරන්නෙමු.

වෙළෙඳපොළ නිදහස

ලෝකයේ ධනය උත්පාදනය කරන හොඳම යාන්ත්‍රණය නම් වෙළෙඳපොළ බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ වන විටත් පවතින සීමිත සම්පත් වලින් අසීමිතව ඉහළ යන මානව අවශ්‍යතා සපුරා ලන යාන්ත්‍රණය බවට පත්ව ඇත්තේ වෙළෙඳපොළයි. ලෝකයේ ප්‍රාග්ධනයද භාණ්ඩ නිශ්පාදනය ද කර්මාන්ත ද වෙළෙඳපොළ ද මිනිසාගේ සංක්‍රමණය ද දේශසීමා වලින් මිදී අවම බාදාවකින් තොරව පවත්වා ගෙන යෑමේ ගෝලීය සංකල්ප එම යාන්ත්‍රණය කාර්යක්ෂම කරන වැඩපිළිවෙළ බවට පත්වී තිබේ.

එබැවින් එය දැවැන්ත සම්බන්ධීකරණයක් සහ නියාමනයක් අවශ්‍ය ක්‍රියාවලියක් බවට පත් වී තිබෙන අතර, රාජ්‍යය සීමාවෙන් ඔබ්බට විහිදී ගිය එම ක්‍රියාවලිය නියාමනය කිරීමට හෝ පාලනය කිරීමට තනි තනි රාජ්‍යයන් වලට හැකියාව නොලැබේ. එනිසා, එය ක්‍රියාත්මක වන වඩාත් කාර්යක්ෂම සහ සාර්ථක ක්‍රමවේදය බවට නිදහස් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමවේදය පත්වී තිබේ. එම නිසා සාධාරණ සහ නිදහස් වෙළෙඳපොළක් දේශීයව නිර්මාණය කිරීම රජයක වගකීම වන අතර, ඉන් ජනිත වන සම්පත් සාධාරණ ලෙස බෙදී යෑමට අවශ්‍ය රාජ්‍ය පරිපාලනය සිදු කිරීමත්, වෙළෙඳපොළට වඩා ප්‍රභල තැනක රාජ්‍යය පවත්වා ගැනීමත් සිදුකර ගත යුතු වෙයි. එනයින්, නිවැරැදි අවම නියාමනයත්, මහජන සුභසාධනයත් ප්‍රමුඛව පවත්වා ගනිමින් වෙළෙඳපොළ තුල එහට අවශ්‍ය බාදා අවම නිදහස පවත්වා ගෙන යෑම රජයක මූලික වගකීම බව අප විශ්වාස කරන්නෙමු.

ඩිජිටල්කරණය

ගෝලීයකරණය ද පුද්ගලීකරණය ද නිදහස් වෙළෙඳපොළ ද බිලියන 8 ක් වූ ලෝක ජනගහනය ද, මිලියන 22 ක් වූ දේශීය ජනගහනය ද එකිනෙකින් බැඳ තබන සම්බන්ධීකරණය සිදු වන්නේ ඩිජිටල්කරණය ඔස්සේ බව දැන් අපට පැහැදිලිය. සන්නිවේදනය සහ තොරතුරු හුවමාරුව, දත්ත රැස්කිරීම සහ කළමනාකරණය , ආර්ථිකයක් තුල සිදු වන දැවැන්ත සමස්ථ යාන්ත්‍රණය සම්බන්ධීකරණය කිරීම ඩිජිටල් අවකාශයට ලැබී ඇති වගකීමයි.


සංකීර්ණ නූතන ලෝකය තුල මෙන්ම අනාගතය තුල තව දුරටත් ඩිජිටල්කරණයෙන් තොර විසඳුමක් හෝ සාර්ථකත්වයක් උදා කර ගැනීම කළ නොහැකිය. එබැවින්, අප රටක් ලෙස හැකි ඉක්මනින් සියළුම ක්‍රියාකාරකම් ඩිජිටල් අවකාශය තුලට රැගෙන ආ යුතු අතර, රටක් ගොඩ නගන වැඩපිළිවෙළක පදනම ඉන් සකස් වනු ඇත.

වර්තමානය වන විට ශ්‍රි ලංකාව ඩිජිටල්කරණයෙන් ඉතා පිටු පසින් සිටින අතර, මේ රටේ සමස්ථ අකාර්යක්ෂමතාවයට එය ප්‍රධාන හේතුවකි. එනයින්, මේ රට ගොඩනගන වැඩපිළිවෙලක මධ්‍යයේ ඩිජිටල්කරණය යනු ප්‍රධාන කොටස්කරුවෙකු වන අතර, එයට ප්‍රමුඛතාව ලබා දී වේගයෙන් මේ රට ඩිජිටල්කරණයට ලක් කළ යුතු බව අප විශ්වාස කරන්නෙමු.